මුව මුක්තා ලතා - ගීත විචාරය 02
“ මුව මුක්තා ලතා පිපි හංසන්ගනා -විල් නෙලුමාසනෙන් ආ ලඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ - ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ “
“මා හද ප්‍රේමාංගනේ-රෑ නුඹ රාසෙන් ලඳේ
බඳ මණි මේඛ්ලාව මුදා-අනුරාගෙත් නගන්”
මගේ හද ප්‍රේම අංගනයක් ඔයා රෑ හොරෙන් අවිත් ඉනේ තියෙන මණි මේඛලාව ගලවලා මාත් සමග සැතපෙන්න.නිදා ගන්නෙ නැතිව රාගයෙන් මාව සනසවන්න. මණිමේඛලාව කියන්නෙ අතීතයේ ගැහැනු උදවිය ඉන බැඳි යකඩින් කල පටියකි.අපි ඉනට බඳින බෙල්ට් වගේ නෙවෙයි.අපි බෙල්ට් එක බඳින්නෙ කලිසම පාත් වෙන එක වලක්වා ගන්නනේ.නමුත් ගැහැනු බැඳි මණිමේඛලාවෙන් ඔවුන්ව අතවරයන්ට ලක් වීමෙන් වලකනු ලැබීය. ඉතින් මේ ගීතයේ එන කාන්තාව තම කැමත්තෙන්ම තම ආරක්ශාවට තියෙන මණිමේඛලාව ගලවා තබා පිරිමියා සමග යහන් ගතවේ.
“ආකාස ගං චන්ද්‍ර නෞකාවේ-තනි වෙන්න යන් පෙම් රසෝජාවේ.
රූ සිරු කල්යාණියේ-මා සැතපෙන්නම් ප්‍රියේ.
තුනු ශ්‍රීයෙන් විකුල් ඔරැදේ-මනසා නන්ද මන්දෝදරී ”
අහස ගඟක් නම් සඳ එහි නැවක් වගේ.අපි ඒ නැවෙන් පෙම් රසයෙන් තනිවෙන්න යමු.ඔයා කල්යානියක් වගේ ලස්සනයි මම ඒ ලස්සනෙන් සැතපෙන්නම්.ඔයාගේ ඇඟේ ලස්සනෙන් මාව කුල්මත් වෙනවා.(තුනු යනු ගැහැනු ශරීරයයි.) ඒ නිසා මගේ මනස නැත්නම් හිත ආනන්දයට ඒ කියන්නෙ සතුටට පත්වෙනවා.ඒ වගේම ඔයාගේ උදරය හරිම පොඩියි.(මන්දෝදරී= සිහින් උදරය)
“හිරු එන්න පෙර රාත්‍රී මේ සීතේ-හා හා ගයන් සෞම්‍ය සංගීතේ.
ඒ හිරු නොනගීවා-රෑ තව දිගු වේවා.
ඔබෙ නළලේ සඳුන් තිලකේ-අද විහිදේද දෙතොලින් මගේ ”
හිරු එන්න කලින් මේ රෑ සීතලේ මාත් එක්ක සුමිහිරි ගීයක් කියන්න.අනේ ඉක්මනට එළි වෙන්න එපා.මේ රෑ තවත් දිගු රැයක් වෙන්න.එතකොට මට ඔයත් එක්ක තවත් ගොඩක් වෙලා සතුටු වෙන්න පුලුවන් . මම ඔයාගේ නළට දෙන හාදු නිසා ඔයගේ ඔය නළලෙ තියෙන සඳුන් තිලකය විහිදිලා යන්න පුලුවන් සමහර විට මැකිලම යන්නත් පුලුවන්.
No comments:
Post a Comment