Friday, June 15, 2012


 ලදුනේ - ගීත විචාරය 08

 
ළඳුනේ ………. ළඳුනේ ………….
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ ... ළඳුනේ …

තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මනිනා
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එලියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
නද - ප්‍රේමසිරි කේමදාස
හඬ - අමරසිරි පීරිස්


මේ ගීතය ලියූවේ රණ්බන්ඩා සෙනවිරත්න ශූරීන්. රණ්බන්ඩා ශූරීන් සරසවියෙ ඉන්න කාලෙ එයාගෙ යාලුවො එක්ක ගණිකාවන් හමුවෙන්නට ගිහින් තියෙනව. ඉන් ටික කාලයකට පසු වෘත්තියෙන් නීතීඥයෙකු බවට පත්වන ඔහු දිනක් නුවර උසාවියට නඩුවකට පෙනී සිටීම සඳහා පිටත් වෙනවා. නඩුව අවසානයේ ඔහු නැවත නිවෙස කරා පිටත් වීමට සූදානම් වූවත් ඔහුගේ මිතුරා පවසන්නේ හෙට තවත් නඩුවකට පෙනී සිටීමට ඇති හෙයින් එදින රාත්‍රිය ඔහුගේ නිවසේ නවාතැන් ගන්නා ලෙසයි. හවස ඔවුන් දෙපළ දළදා මාළිගාව වැඳ පුදා ගන්නට මාළිගාවට යනවා. එහිදී ඔහු දකිනවා සුදු සාරියක් හැඳි, සුරූපී ස්ත්‍රියක් මල් වට්ටියකුත් දෝතින් රැගෙන මාළිගාවේ පිය ගැට පෙළ නඟිනවා. ඇය දෙස ඔහු බලා සිටිද්දී ඔහුගේ මිතුරා ඇය ගණිකාවක් බවත් සෑම දිනකම ඇය මෙසේ සිරිතක් ලෙස මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණෙන බවත් පවසනවා.

මේ කෙනා නුවර ලොකු සමාජ බලයක් තිබුන පවුලක පොඩි දුවලු, අඩු වයසෙන් කෙනෙක් එක්ක සම්බන්ධයක් ගොඩ නැගිලා, මුළු ජීවිතේම එයා වෙනුවෙන් කැප කරලා, අන්තිමට ඒ මිනිහගෙන්ම උහුලාගෙන ඉන්න බැරි තරම් දේවල් වෙන නිසා අයෙත් පාරක් තමන්ගේ අම්ම තාත්ත ලගට යන්න වෙන තැනට පත් වෙනවා. ඒත් ගියාට වැඩක් නෑ, ගහල එලවනවා, අන්තිමට මුළු ජීවිතේම කැප කරපු කෙනත් අද නෑ, මෘගයෙක් වෙලා. එයා ලගට එද්දී හිටපු තමන්ගේ සමීපතමයොත් අද පිළිගන්නේ නෑ. ඒ වෙනුවට ඉන්නේ තුරුලේ කැටි වෙලා නිදන් ඉන්න කිරි කැටියෙක් විතරයි. කාට කියන්නද? කව්රු අහන්නද? සමාජයෙන් ආදරේ බලාපොරොත්තු උන එයාට අද කව්රුත් නෑ. ඒ සමාජයෙන්ම ගහල බැනල , රැවටීමට ලක් වෙලා. තමන් මෙතෙක් විශ්වාස කරපු හැම දේම තමන් ඉස්සරහ බොරුවක්, නිකන්ම නිකම් වචනයක් වෙලා හැල්ලු වෙලා යද්දී, කාත් කව්රුත් ඇත්තටම නැති කෙනෙකුට තව මොනවද මේ සමාජයේදී රැක ගන්න කියල ඉතුරු වෙන්නේ? අන්තිමට වචන විතරයි, ඒ වචන ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රියාත්මක වෙන්නේ එකම සත්‍යයයි. ඒ සත්‍ය එයා තේරුම් ගන්නවා. ඔන්න ඔය කතාවයි, රණ්බන්ඩා ශූරීන්ගේ සරසවි සමයේ අත් දැකීම්නුත් එක්ක තමයි මේ ගීතය ගොඩ නැගෙන්නේ.

ඇත්තටම ඒ අය කෙනෙක් එක්ක නිදාගද්දී සාප කරනවා හිතින්. ඒ අය මේ සමාජයේ තියෙන හෙළුව හොදටම දකින අය. හැම කෙනාගේම රෙද්ද ගැලවෙන්නේ ඒ අය ඉස්සරහ, හැමෝගෙම හෙළුව දකිනවා. එහෙම බැලුවම අපි මොන තරම් හිස් මිනිස්සුද? හොඳින් මතක තියා ගන්න, මේ කියන දේවල් හැම කෙනෙක්ටම ඒ විධියටම අදාල නොවෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා යතාර්ථවාදීව මේ දිහා බලන්න. අන්තිමට මට කියන්න තියෙන්නෙත් මෙච්චරයි...

“රහසේ පව් කරන දනා, එලියෙ රවන ළඳුනේ...
ලැම පමණක් ලොවට පෙනෙන...
ළය නො පෙනෙන ළඳුනේ...
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ...”


මෙතනින් ගීතය අහන්න 

Thursday, June 14, 2012

අහසින් තරැවක් කඩා වැටෙනවා - ගීත විචාරය 07




අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

අහසින් තරුවක්....

මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

අහසින් තරුවක්....

ගායනය.... මාලනී බුලත්සිංහල

මෙන්න අහසින් තරුවක් කඩා වැටෙනවා ගීතයේ විචාරය....

මුල් පද හතර තමා මේ ගීතයේ තියෙන ප්‍රභලතම යෙදුම්... උපමා උපමේය යොදාගෙන තියෙනව කඩු පහරවල් වගෙ.... හරියට කාන්තාව මේ විදියට කියනව වගේ... හරිවැඩක්නෙ මගෙයි ඒ කොල්ලගෙයි සම්බන්ධෙ... වෙන උන්ටනේ අමාරුව මට ප්‍රශ්ණයක් නෑ, එයාටත් ප්‍රශ්ණයක් නෑ... අනිත් අයනේ මෙතන කෑ ගහ ගහ දගලන්නෙ...... අන්න ඒවගේ ප්‍රබල චෝදනාවක් තමා පළමු පද හතරෙන් කරනු ලබන්නෙ. තරුව කඩාගෙන වැටුනම තරුවටයි වේදනාව තියෙන්න ඕනි.... ඒත් අහසනේ වැලපෙන්නෙ, සුළං පාරට නෑඹුල් මලක් වැටුනම දුක් වෙන්න ඕන මල ... ඒත් සුළග අඩනව....

අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ

හරි.. දැන් යමු අපි විචාරයට මෙහි තරුව කියන්නෙ පිරිමිය. මේ කාන්තාව දුප්පත්, පිරිමිය පොහොසත්... ඉතින් කාන්තාව බදිනවනම් පෝසත් පවුල අතාරින්න වෙනව... කොල්ල ඒක කරන්න සූදානම්. නමුත් කෙල්ල කියනව ඔයා කරන්න සූදානම් උනාට ඔයාට නෙමෙයිනෙ පවුලට අවනම්බු කලා කියල ඔයාගෙ පවුලෙ අයනෙ ඔයාව දෝෂ දර්ෂණයට ලක් කකරන්නෙ.

නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

නෑඹුල් මල කියන්නෙ පිරිසිදු කාන්තාව... සුළග සමාජය.... ඉතින් පෝසත් පවුලක් එක්ක සම්බන්ධකමක් ඇතිකරගත්තට නොයේක නින්දා අවලාද කරනව. ඒ නින්දා අවලාද (සුළග) නිසා අන්තිමේ මේ මල බිමට වැටෙනව. අන්තිමේ සම්බන්ධෙ කරන්න බැරිවෙනව. නමුත් ඒකට දුක්වෙන්න ඕන කෙල්ල... නමුත් දුක්වෙන්නෙ ඒ කෙල්ලව වට්ටපු සමාජයමයි.

පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

ඔයාවත්, මමවත් කොපමණ උත්සාහ කලත් පලක් වෙන්නෙ නෑ.... මේක හරියන්නෑ... අපේ හැම දේම වැරදියටයි දකින්නෙ.. අනිත් එක නොකෙරෙන්නමයි වැඩසලස්වන්නෙ කියන එකයි මේ පද වලින් අර්ථ දැක්වෙන්නෙ.

දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

(
මෙතන ප්‍රබල යෙදුමක් තියෙනව.... නමුත් විවිද අය විවිද අර්ථකථන ලබාදෙන නිසා.. මම සරල අර්ථයක විතරක් යන්නම්.) කෙල්ල පැහැදිලවම සිය ආදරවන්තයට කියනය මම වගේ දුප්පත් කෙල්ලෙක් ඔයා වගේ පොහොසත් කොල්ලෙක් එක්ක සම්බන්ධකමක් පටන් ගත්ත. ඒක වැරදියි... ඒ වැරැද්ද තියෙද්දිත් ඔයාව විවාහ කරගන්නවා කියන සිහිනය දකිනන්න තරම් මම තවත් මෝඩ උනා... මම හිතුව සමාජය අපේ දෙමාපියන් නෑදැයන් අපිට ආශිර්වාද කරාවි කියල... නමුත් මමයි අන්තිමට අමාරුවෙ වැටුනෙ.

මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

කමක් නෑ... මම දුප්පත් කෙල්ලෙක්... මට මොනතරම් අවමන් චෝදනා කලාද, මගේ අඩුපාඩු කොච්චර විවේචනය කලාද, මම නොකරපු දේවල් වලට කොච්චර චෝදනා කලාද..... කමක් නෑ.. අපි බලමු ඔය මට කියපු ගරහපු අය දැන් මගේ වැරදි, අඩු පාඩු නැති කෙල්ලෙක් ඔයාට හොයල දේවිනේ. හැබැයි එහෙම කෙල්ලෙක් මේ ලෝකෙ ඉන්න බෑ... එහෙමනම් එයා මලෙන් උපන් පත්තිනි අම්ම කෙනෙක් වෙන්න ඕනි. මගේ චරිතය, ක්‍රියාවන් හා ආදරය මට හොදටම විශ්වාසයි... ඒ වගේ කෙල්ලෙක් හොයාගත්තොතින් ඒ විවාහය වෙනදාට මම හිල් තියෙන කූඩයකින් එදාට ඕන වතුර ඇදල දෙනව.... (කරන්න බැරි වැඩක්) ඒතරම් මට විශ්වාසයක් කෙල්ලට විශ්වාසයක් තියෙනව ඔය කියන විදියෙ කල්ලො නෑ කියන එක ගැන.

මෙතනින් ගීතය අහන්න 




 

Wednesday, June 13, 2012

සදකඩ පහනක - ගීත විචාරය 06 





සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුණු ලැගුම් ගනී
කැළැතුණ රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ

යුගයෙන් යුගයට නොමියන දහනක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලැවෙද්දී //

දහසක් පෙතිමත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බින්දු
ගව්වක් ඉහළට ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි රැුන්දු
අහසක් ගුගුරා කලූවක් වපුරා
ඒ හා මුහුවුණ වැහි බින්දු
ඈ ගෙන යද්දී නටබුන් අතරක
තවෙතෙක් ඈ වෙත හද රැන්දු //

හද විල ඉපැදුණ කැකුලක් නොකලෙක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිළිහුණ කඳුලත්
සත් සමුදුරකට මුහුව ගියා

ඔබට උරුම වූ රිදුණ තැවුණ හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා.... //


සඳකඩ පහණක කැටයම් ඔපලා" කියන ගීතය විචාරය කරන්න පොඩි බයක් හිතට දැනෙනෙ ගීයක්. මෙම ගීතය ඒ තරම්ම අර්ථවත් මෙන්ම විවිද මත ගැටුම් වලට ලක් වුන ගීතයක්. සඳකඩ පහණ අපූර්වත්වය සහ සියුම් බව මෙන්ම දිගු කාලයක ස්ථාවරත්වය කියාපානව. නමුත් දේදුන්න එහෙමද? කොයිවෙලාවෙ එයිද කොයිවෙලාවෙ යයිද කියල කාටද කියන්න පුලුවන්... නමුත් ආපු වෙලාවට ලස්සනට තියනව. පාට ගොඩයි. එනම් දෙදුන්නක් වැනි අස්ථාවර ආදරයකට සඳකඩ පහණක කැටයම් වැනි වෙනස් නොවන ආදරයක් පාවාදීමට සිදුවීම මෙම ගීතය පුරාවට විස්තර වෙනව.

සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුණු ලැගුම් ගනී
කැළැතුණ රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ

තමන්ගෙ දුව පොහොසතෙකුට දීග දීම කියන කාලයක් තිස්සෙ හිතේ කැලැතෙන අදහසින් යුතු දෙමාපියන් ගන්නා ජල බුබුලක් උඩට නැග එන්නාක් වැනි ඉක්මන් තීරනයක් හමුවේ ආදරයෙන් නොව නීතියෙන් සිදුවන විවාහයක් සදහා තම පිවිතුරු ආදරය අමතක කරන්නට මෙම පෙම්වතියට සිදුවෙනවා.
මෙකී කැලැතුනු රසය ඒයම බව රචකයා අවසාන පද පේලි වල යොදන "රුවන් විමානෙන්" යන යෙදුමෙන් අපට ස්ථිර කරනවා.

යුගයෙන් යුගයට නොමියන දහනක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලැවෙද්දී //

යුග ගනන් නොනැසෙන අතීතය නටබුන් වලින් ලොකයට පෙනෙනව වගෙම යුග ගනන් නොනැසෙන මෙ ආදරය ගැන දැන දැනම ඒ ආදරයේ නටබුන් වත් නොපෙනෙන දුරක මෙ අවිහින්සක පෙම්වතියව බලෙන් ඇදගෙන යනව. ඒ ඇය මැලවෙද්දි, අඩද්දි, වැලපෙද්දි. අවසාන පද පේලිය දෙවරක් ගායනවීම නිසා ඇයගෙ නොකැමැත්ත අපිට තදින්ම පෙන්වනවා.

දහසක් පෙතිමත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බින්දු
ගව්වක් ඉහළට ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි රැුන්දු
අහසක් ගුගුරා කලූවක් වපුරා
ඒ හා මුහුවුණ වැහි බින්දු
ඈ ගෙන යද්දී නටබුන් අතරක
තවෙතෙක් ඈ වෙත හද රැන්දු //

මී මැස්සා මලින් මලට ගොස් එකතු කර ගන්නා මල් පැණි තුඩින් තුඩ එක් කරමින් වදය වෙත ගෙන යයි. එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරමින් වදය බඳින්නේ ගවුවක් පමණ ඉහළ ස්ථානයකය. නමුත් අහස ගුගුරුවා වහින වැස්සෙන් මෙසේ දුක් මහන්සිවී ඒකතු කරගන්නා පැණි වල අගය වතුර එකතු වීම නිස බාල වෙයි. අගය නතිවී යයි. එලෙසම මෙම පෙම්වතා දුකින් සාදා ගත් ආලය බාල කොට විනාශ කොට ඒ නටබුන් ඇ වෙනකෙකු වෙත ගෙනයදිදී මෙ අව්‍යාජ පෙම්වතාගේ හැගීම මොනවගෙ වෙන්න ඇත්ද

ජීවිතයෙ කෙනෙකු සාර්ථක ආදරයක් ගොඩනගා ගැනීමට දරන වෙහෙස පදරචකයා ඉතා සියුම්ව විදහාපෑමට ගත් උත්සහය බලන්න. මේ පදරචකයාගේ සිංහල භාශාව හැසිරවීමෙ සකසුරුවම් භාවයයි, ප්‍රවීන භාවයයි, වියත් භාවයයි.

හද විල ඉපැදුණ කැකුලක් නොකලෙක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිළිහුණ කඳුලත්
සත් සමුදුරකට මුහුව ගියා

මෙ මල් කැකුල කල් යල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා ඒ ගැන ඉගියක් හො නැතිවෙන තරම් දුරක යවා ඇත. ඒ නිසා ආදරයෙ නාමයන් ඇසට නැගෙන කදුලු බින්දු පොලවට වැටී මහ සාගරය දක්වාම ගලාගෙන යනව. ඒ අතර ඒ කදුලෙ බර බලන්න ඒ දුක මොනවගෙද බලන්න කවුරුත් නෑ. කාටවත් තේරෙන්නෙත් නෑ.
සියලු බලපෑම් හමුවේ ආදරයෙ ඇතිවන වේදනාව, ඒ වේදනව බෙදාගැනීමට කිසිවකු නොසිටීම නිසා ඇතිවන තනිකම ඒ වේදනාව දෙගුන තෙගුන කරන හැටි පෙන්වීමට පද රචකයා සිංහල භාශාව කැටයම් කොට ඇති අපූරුව.

ඔබට උරුම වූ රිදුණ තැවුණ හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා.... //

පෙම්වතට මෙන්ම පෙම්වතියට ඇතිවන විරහ වේදනාව හමුවෙ ඇය සියලු භාදක බැමි බිද දමමින් සැප ස්ම්පත් හැරදා නැවත මෙ පෙම්වතාගෙ තුරුලට ඒනතුරු ඔහු වේදනාත්මක හදකින් යුතුව මගබලා සිටී.
ඇත්තටම ඇය නැවත නාවොත්... ඔහු බලාගෙන ඉදීවි. ඇය එන්නෙම නැත්තම්...... ඒත් ඔහු බලාගෙන ඉදීවි. ජීවිතේ අවසාන මොහොත වෙනකම් ඔහු බලාසිටීවි ඒ ඇත්ත ආදරේ නමයෙන් ඔහු අනේක වෙදනා වෙන් බිහිකරගත් පරම පිවිතුරු ආදරේ නමයෙන් ඒ......... ඇත්ත්ම ආදරේ.

මෙතනින් ගීතය අහන්න    

Tuesday, June 12, 2012

සිංහල සිංදු කියන - ගීත විචාරය 05



සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලි
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය න්ඹට බාරයි රැක ගනින් දේවතාවී


83 කළු ජුලිය කාලේ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනව,,අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියල..රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම එතුමාට පොඩි තිගැස්මක් ඇති වෙන්නත් ඇති..ඒ සගරාවේ තබුන සුන්දර කෙටිකතාවක් ...

මාතර පැත්තේ සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා,,තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම ..

අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා,,

මේ සුන්දර ආදර කතාව කියවපු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතේ හරි සොදුරු ගී සංකල්පනාවක් උපදිනවා මෙන්න මේ විදියට.


සිංදුව මෙතනින් අහන්න

සැදැ කලුවර කුර ග ගා විත්- ගීත විචාරය 04



සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද -මගෙ සරා සද - තනිවෙලා මා තනි වෙලා............
........................

වළාකුළකුදු නොමැති අහසේ - මළානික වූ මගේ සිතිවිළි
ගල් ගැසී ඇත පාළු වී ඇත - අදුර පමණක් රජවෙලා.........
........................

ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිගේ බර - මගේ හිස මත බර වෙලා........
........................

 


අදුර ගලා යන විට ඇය ඔහු ගෙන් සමුගෙන යා යුතුය. එනිසා කළුවර මෝරා එන විට ඇය ගේ දසුනින් ඔහු සිටින පැල්පත ඈත් වී යයි. එම දසුන ඈත් වූ විට ඇය මේ ලොව තනි වේ. ඒ තනි වීම ඇගේ සදවත විනිවිදින එකකි. ඒ ඇය සිය ස්වාමියා පෝෂණය කරනු පිණිස සිය සිරුර අළෙවි කරනා නිසාය. ඔහු ගේ පහස තරම් ආදරණිය පහසක් ඇයට ගණුදෙණුකරුවන් ගෙන් නොලැබේ. එනිසාය ඇය තනිවන්නේ..............


වළාකුළකුදු නොමැති අහසේ - මළානික වූ මගේ සිතිවිළි
ගල් ගැසී ඇත පාළු වී ඇත - අදුර පමණක් රජවෙලා.........

සද වලාකුළින් වැසූ කල්හි දැනෙන රමණිය සුන්දර සිත්තම ඇය අත්දකින්නේ නැත. එනම් ස්ත්‍රී-පුරුෂ සම්භෝග සුවය ඇය විදින්නේ නැත. එනිසා ය ඇගේ සිතුවිළි මළානික වන්නේ. ප්‍රේමණිය හැගීම් උතුරා යා යුතු මොහොතක පවා ඇය ගේ සිතිවිලි මළානික වන්නේ ඇය ගේ ගණුදෙණුකරුවන් ඇයගෙන් ලබන්නේ ඇගේ තුණුසපුව පමණක් විනා, හැගීම් නොවන බැවිණි. මේ නිසාය මළිනික වූ ඇගේ සිතුවිළි ගල් ගැසෙන්නේ.......ඇය වටා සම්භෝග ප්‍රහර්ෂය නැත. ඇගේ ලොව ඇත්තේ මේ අවස්ථාවේ දී අදුරම පමණි.

ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිගේ බර - මගේ හිස මත බර වෙලා........

ඇය නිවෙසට එනවිට උදයයි. ඒ මිනිසුන්ට, සතුන්ට, ගහවැලකොළට උදයකි. නමුත් ඇය රාත්‍රීයේ කරන කටයුත්තේ වෙහෙස නිසා දිවා කළ නිදිදෙවිදුව සරණ යයි. එවිට ඇයට ඇත්තෙන් ම රාත්‍රිය වන්නේ අපේ දහවලය. සැමියා ගේ ලොව සහ ඇගේ ලොව අතර නිරතුරුව ඇත්තේ රැයකි. මේ සියළු ම වේදනා දරන්නේ ඇය ගව් ගණන් වූ මේ ජීවිතයේ බර දැරීමට බව අපට අවසානයේ දී කියා පායි.

රචකයා වූ මඩවල එස්. රත්නායකයන් කොතරම් සුක්ෂ්ම ලෙස මෙම පද පෙළ හසුරවා ඇතිද යන්න පිළිබද විශ්මයට පත්වීමෙන් වැළකීමට අපට නොහැකිය. එසේම බලන්න මේ ගීතයට යොදා ඇති මන්ද්‍ර ස්වර කලාපයේ සංගීතය. වස්දඩුව වුව වැයෙන්නේ මන්ද්‍ර ස්වරයෙනි. නන්දා ගේ විලිපීය කටහඩ, අවසන දී ඇය ........................ ලෙස ගායනා කරන අලප් කොටස මේ ගීතය අපේ හදවතේ ඇති ගැඹුරුතම තැන දක්වා මෙහි අර්ථය අතික්‍රමණය කරවයි. 1079 වසරේ සිට තවමත් පරම්පරා ගණනක් රසවතුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා එලඹවන මෙවන් ගීත අපට දායාද කළ සියළුම සුධීන් වෙත අපේ පින අනුමෝදන් කරවමු.!!!!

ඒකත් එහෙමද? මෙහෙම ගෑණු අය ඉන්නවද මචන් මේ ලෝකේ..හැබැයි සැමියා රැකියාවක් කරගන්න බැරි රෝගී තත්වයකට වගේ වැටිල ඉන්න නිසා වෙන කරන්නම දෙයක් නැති නිසා මේ වගේ තත්වයකට වැටුන අය ඉන්නව වෙන්නත් පුළුවන්'

මෙතනින් සිංදුව අහන්න 

පුන් සද රෑට ඇවිදින් හේනේ - ගීත විචාරය 03




පුන් සඳ රෑට ඇවිදින් හේනේ කලුව බිඳ..
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉබිනවද..
තුන් යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට

රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන
රන්මල් යාන හීනෙන් දකින පින පමන
තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන
රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන


මෙකෙ පලවෙනි කොටසින් කියන්නෙ එයාගෙ මිනිහ පැල් රකින්න ගියා කියල. හද තියෙන කාලෙට වගා වලට සත්තු එනවා වැඩියි. මිනිහගෙ පීදීගෙන එන හේනෙ තියෙන වගාවන් වලට හානි වෙන්න තියෙන ඉඩ වැඩියි..... ගෙදර ඉන්න පුලුවන්කමක් නෑ එතකොට... එක නිසයි මිනිහ ගිහින් තියෙන්නෙ.

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට


දෙවැනි කොටසින් කියන්නෙ එහෙම ගියාම ගැහැනු හිත වැඩ කරන හැටි. නිල් තරු පායන, හද තියෙන රාත්‍රියෙ මිනිහත් එක්ක පිල උඩට වෙලා ආදරෙන් ඉන්න ආසයි. උනුසුම මතක් කරගෙන මිනිහ නෙතත් මට එහෙමම ඉන්න හිතෙනවා.
මෙච්චර ආසාවෙන් ඉන්න ගැහැනු කෙනාට ලමයෙක් ලැබෙන ලකුනු තියෙනවද කියල අහල සතුටු වෙන්න හිතවතුන්ට, නෑදෑයන්ට, දෙමුපියන්ට එන්න එපා කියනවා. මොකද සෘන්ගාත්මක රාත්‍රියක් උනත් ඒ හැගීම් තුරුලු කරගෙන ගැහැනු කෙනා තනියම හාන්සිවෙලා ඉන්න නිසා. ලමයෙක් ලැබෙන්න අවශ්ය හැමදෙම තිබුනත් ලමයෙක් නැතිවෙන්න හේතුව මිනිහා නැතිකම. ඒකයි මල් පිපුනාට ගෙඩි නෑ තම අඹ ගහට කියන්නෙ.

අවසාන කොටස

"
රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන
රන්මල් යාන හීනෙන් දකින පින පමන
තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන"

මෙකෙ කියන්නෙ රන්කද ඒ කියන්නෙ මිනිහා නිදි එත් දැන් පැල් රකින්න ගිහින්....
මෙතන වැදගත් "පින්සර මාගෙ ඇතු නිදනා" කියන කොටස.... ඒ කියන්නෙ මහාමායා දේවි දැකපු හිනෙ වගෙ ඇත් පැටවා එන්නෙ නෙති එක ගැන....
මිනිහා සහ ලමයෙක් කියන දෙන්නම නෑ මෙයාට. ....
දෙන්න එකතුවෙනව දකින්නෙ හීනෙන් විතරයි... ඉතින් කවද්ද, කොහොමද මෙ පවුලට 3 වෙනියෙක් එකතු වෙන්නේ........??

"
රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන"

මෙ ඔක්කොම දේවල් ටික ඇත්ත උනත් කාටවත් දොස් කියන්න නෑ. සමහරවිට මේ හැමදේම වෙන්නෙ මගෙ කුසෙ ඉඩමදිවෙලාද දන්නෙ නෑ කියල අහින්සකව ගෑනු කෙනා දුක් වෙනවා.